දුක, සතුට, හිතෙන දේ බෙදා ගන්න පුoචි වෑයම......

Tuesday, August 31, 2010

කදුල පිටුපස සිනහව......



කලෙක සිනහව ඉල්ලමින්
සිනහව සොයමින්
කදුලු සැලුවෙමි
දෙනෙතට වද දෙමින්....

නමුදු දැන්.....

සිනහසෙමි සැහැල්ලුවෙන්....

නමුදු සිනාසෙද්දී
තවමත් කදුලු නැගෙයි දෙනෙතට...
ඒත් ඒ දුකට නෙවෙයි .. සතුටට...

එක් වරක්ද? දෙවරක්ද? තෙවරක්ද?

ටික කාලෙකට කලින් කියවපු Paula Coelho ලියපු The Alchemist කියන පොතෙ තිබුනු දෙයක් මතක් උනා... ඇත්තක් කියල පිලිගන්න වෙනවා සිද්ධ වෙන සමහර දෙවල් නිසා...
ඒකෙ මෙහෙම තිබුනා...
".... අර කතාවක් තියෙන්නෙ වරක් සිදු වූ කිසිවක් යලිත් එලෙසින් සිදු නොවේ කියලා.නමුත් දෙවරක් සිදු වෙන සෑම දෙයක්ම නියත වශයෙන්ම තෙවෙනි වතාවටත් සිද්ධ වෙනවාමයි...."

අනේ මන්දා කවුරු කොහොම මෙ දේවල් පිලි ගනියිද දන්නෙ නෑ.... ඒක පුද්ගලයගෙන් පුද්ගලයට වෙනස්නෙ...

කවුරු කොහොම හිතුවත් මම නම් මේක ටිකක් දුරට විශ්වාස කරනවා...ටිකක් දුරට....මොකද ජීවිතෙ තාම ටික දුරයිනෙ ගෙවලා තියෙන්නෙ...ඒ ගෙවුනු ටික කාලෙදි මේ දේ හරි කියලා හිතෙන දේවල් තිබුනා. බලමුකො ජීවිතෙ තව ඉස්සරහට ගොඩාක් කල් තියෙනවනෙ.

කොහොම හරි මෙහෙමයි වෙන්න ඔන..
මේ වෙද්දිත් යම් දෙයක් එක පාරක් වෙලා තියෙනව නම් අවධානයෙන් ඉන්න එක වටිනවා ඒ දේ ආපහු වෙයිද කියලා...ඒ නිසා හොදම දේ තමයි ඒ දේ අපහු වෙන්න තියෙන අවස්ථාව අඩු වෙන විදිහට කල්පනාවෙන් ඉන්න එක... නැතුව ඒ දේම අපහු වෙන්න ඉඩ අරින එක මහා අණුවන කමක්...

මොකද දෙවෙනි පාරත් කලින් දේම වුනොත් ඒක තුන් වෙනි පාරකුත් වෙන්න ඉඩ වැඩියි කියලයි මටත් හිතෙන්නෙ...

සිද්ධ වුනු දේ හොද දෙයක් නම් එක පාරක් දෙපාරක් නෙවෙයි දස දහස් පාරක් උනත් කමක් නෑ....

ඒත් ඒක නරක දෙයක් නම් එක පාරකට වඩා ඔන නෑනෙ... කවුරුත් එහෙම කැමති නෑනෙ.....