දුක, සතුට, හිතෙන දේ බෙදා ගන්න පුoචි වෑයම......

Tuesday, February 8, 2011

කදුල නුබට සමු දෙන්නම්

මට නම් බැහැ තව හඩන්න…..

සුසුම් එක්ක හාද වෙලා

නුබ ඈතක පාව යන්න…..

කදුල නුබේ සිසිලස මගෙ

කොපුල් තලාවට දැනෙන්න

ආයෙත් නම් නැගෙන්නෙපා

නෙතු කදුලින් පිරී යන්න…..

කදුල ඉතින් පාව ගිහින්

මගෙ සිනහව සොය දෙන්න….

සිනහව සැගවී ඇත්නම්

යලි මා නෙත ලැගුම් ගන්න….

කදුල නුබට සමු දෙන්නම්

මට නම් බැහැ තව හඩන්න…..

සුසුම් එක්ක හාද වෙලා

නුබ ඈතක පාව යන්න…..

කදුල නුබේ සිසිලස මගෙ

කොපුල් තලාවට දැනෙන්න

ආයෙත් නම් නැගෙන්නෙපා

නෙතු කදුලින් පිරී යන්න…..

කදුල ඉතින් පාව ගිහින්

මගෙ සිනහව සොය දෙන්න….

සිනහව සැගවී ඇත්නම්

යලි මා නෙත ලැගුම් ගන්න….

පැතුවේ o හිරු මඩලව

දිලෙන්නට….

හැකි වුයේ පහනක් වී

දැවෙන්නට….

පැතුවේ o ගගුලක් වී

ගලන්නට…..

හැකි වුයේ කදුලක් වී

හඩන්නට….

පැතුවේ o සද මඩලව

දිලෙන්නට….

හැකි වුයේ සද මඩලින්

දිලෙන්නට….

සද එලියේ පිණි බිදුවක් වී දිලුනා

හිරු මඩලක් නොව පහනක් වී දැවුනා

ගගුලක් නොව කදුලක් වී නෙතු හැඩුවා

සිහින පැතුම් පාවීයන් මා හැර දා….

නිහැඩියාවට සවන් දෙනු මැන
මතකයන් හිනැහෙනු ඇසෙයි
මතකයන් ඉකිලනු ඇසෙයි
ඒ නිහැඩියාවත් දොඩමලුයි……

අදුරු ගනදුර දෙස බලනු මැන
මතකයන් මැවි මැවි පෙනෙයි
කදුලු සිත්තම් මතුව එයි
ඒ ගනදුරෙත් රූ කම් මැවෙයි……..

නෙතු පියා දෙසවන් වසා ගෙන
අතීතය වෙත සිත දිවෙයි
කදුලු සිනහා වෙනු පෙනෙයි
කදුලු සිනහා සෙනු ඇසෙයි........
මලක් වුනෙමි නුබට අදරැතී
අහස් උසට සෙනේ පිදුවෙමී….
තවත් මලක් මටත් රුව වැඩී
සෙමින් පිපුනි නුබ ලගට ඇදී…

එ මලේ තව සුවද විහිදුනී
නුබ ඒ සුවදට වශී වුනී…….
මගේ සෙනේ නුබට මදි වුනී
මා හැඩුවත් නුබට නො ඇසුනී….

සුවද මලට නුබත් ලොබ වුනී
මගේ කදුලු නුබට නොපෙනුනී….
නුබ ඒවිද ඇගිලි ගැන්නෙමී
නුබ නේනා බවම පැවසුනී….

එ මල තරම් මා සොදුරු නැතී
සෙමෙන් සෙමෙන් සිතට කීවෙමී….
නුබ ගිය තැන සතුට නුබ විදී
ඒ දැක මම අසිරි පැතුවෙමී….

යන්න ගොසින් දිගු කලක් වුනී
මා අමතක බවම පෙන්වුනී….
මතක මියෙන තුරුම හැඩුවෙමී
යළි එන විට නුබ පමා වැඩී…..

Monday, February 7, 2011

සිනා සෙන විට කදුලු එයි නම්
පොපියනා නෙත් දෙක අගින්….
හඩන විට ඇයි සිනහවට බැරි
පිපෙන්නට කදුලැල් මතින්…..

මල් පිපෙන්නේ එකින් එක පෙති
දිග හැරී නම් හෙමි හෙමින්
විසිරිලා ගිය මලක පෙති ඇයි
තනන්නට බැරි පෙර ලෙසින්……
සිහිනයකි ඔබ – සැම දා
සැබැ නොවෙනා
සිතිජයයි ඔබ – සැම දා
ලoව නො එනා

සිතුවමකි ඔබ – සැම දා
සිතේ ඇදෙනා
නිල් අහස ඔබ සැම දා
දුරම රැදෙනා

මද පවන ඔබ- සැම දා
නොරැදි හමනා…
සිහිනයකි ඔබ – මා දමා
ඉවත ඇදෙනා…

Saturday, February 5, 2011

කදුලු සිත්තම් පාට ගෑ
සිහින මවනා....
සිහින තවමත් මැවි මැවී
බොදව මියෙනා..
සිහිනයක අග කදුලු මුතු කැට
දිලිහි දිලිහී දග කරයි....
නෙතුත් නොදැනම ඒ කදුලු කැට
ගලා විත් දෙකොපුල් තෙමයි....

මතකයක ලග සුවද සුසුමන්
හිනැහි හිනැහී දග කරයි.....
සිතත් නොදැනම ඒ සුසුම් වැල්
සිතම හඩවා නික්ම යයි....