දුක, සතුට, හිතෙන දේ බෙදා ගන්න පුoචි වෑයම......

Tuesday, February 8, 2011

මලක් වුනෙමි නුබට අදරැතී
අහස් උසට සෙනේ පිදුවෙමී….
තවත් මලක් මටත් රුව වැඩී
සෙමින් පිපුනි නුබ ලගට ඇදී…

එ මලේ තව සුවද විහිදුනී
නුබ ඒ සුවදට වශී වුනී…….
මගේ සෙනේ නුබට මදි වුනී
මා හැඩුවත් නුබට නො ඇසුනී….

සුවද මලට නුබත් ලොබ වුනී
මගේ කදුලු නුබට නොපෙනුනී….
නුබ ඒවිද ඇගිලි ගැන්නෙමී
නුබ නේනා බවම පැවසුනී….

එ මල තරම් මා සොදුරු නැතී
සෙමෙන් සෙමෙන් සිතට කීවෙමී….
නුබ ගිය තැන සතුට නුබ විදී
ඒ දැක මම අසිරි පැතුවෙමී….

යන්න ගොසින් දිගු කලක් වුනී
මා අමතක බවම පෙන්වුනී….
මතක මියෙන තුරුම හැඩුවෙමී
යළි එන විට නුබ පමා වැඩී…..

No comments:

Post a Comment