දුක, සතුට, හිතෙන දේ බෙදා ගන්න පුoචි වෑයම......

Tuesday, February 8, 2011

නිහැඩියාවට සවන් දෙනු මැන
මතකයන් හිනැහෙනු ඇසෙයි
මතකයන් ඉකිලනු ඇසෙයි
ඒ නිහැඩියාවත් දොඩමලුයි……

අදුරු ගනදුර දෙස බලනු මැන
මතකයන් මැවි මැවි පෙනෙයි
කදුලු සිත්තම් මතුව එයි
ඒ ගනදුරෙත් රූ කම් මැවෙයි……..

නෙතු පියා දෙසවන් වසා ගෙන
අතීතය වෙත සිත දිවෙයි
කදුලු සිනහා වෙනු පෙනෙයි
කදුලු සිනහා සෙනු ඇසෙයි........

No comments:

Post a Comment